hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2022 ජූලි 06, පෙ.ව. 11:25



ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ මාලාව ‍සඳහා ප්‍රෙට්‍රල් බෝම්බ සාදාගන්න අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණයවන බවත් එය ජවිපෙ සමාජිකයෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකු විසින් නිර්මාණය කරන ලද්දක් බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.‍

අද දින (06) පැවති ජවිපෙ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව හෙළිදරව් කළා.

එහිදී එම වීඩියෝ පටයේ කොටසක් මාධ්‍ය වෙත පෙන්වමින් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මෙම ප්‍රෙටල් බෝම්බ සැදීම සඳහා ජවිපෙ නායකයාගෙන් උපදෙස් ලැබී ඇති බවයි.

ඒ අනුව ජවිපෙ සාමාජිකයින් අතරේ මෙම වීඩියෝ පටය බෙදාගන්නා ලෙසත් එම බෝම්බ රැගෙන ජනාධිපති කාර්යාලය වටලා ජනපතිවරයා පන්නා දමන ලෙසත් එම වීඩියෝවේ සඳහන් කරන බව අනුර දිසානායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එම වීඩියෝව පහතින්,