hit counter

2025 ඔක්‍තෝබර් මස 14 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 03, පෙ.ව. 11:23



නව සන්ධානයේ නීති වැඩ කටයුතු සඳහා සහාය දෙන නීතිඥ සංගමයේ මැදිහත් වීමෙන් නීති සහන බලකායක් ඇතිකිරිම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

එහි විශේෂ සාකච්චාවක් පසුගියදා කොළඹ පිහිටි හෝටලයකදී පැවැත්වා ඇති බව රාජගිරිය පක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයෙකු අනාවරණය කලා.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, සුගීශ්වර බණ්ඩාර, නීතීඥවරුන් වන නලින් සමරකෝන්, හර්ශාන් පෙරේරා, සාගර බණ්ඩාර, ලක්ෂණ පෙරේරා ඇතුළු පිරිසක් එක්ව ඇත.

පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයින් මුහුණ දෙන ගැටළු සඳහා නීති සහාය ලබා දීමට විශේෂ වැඩපිළිවලක් සකස් කරන ලෙස පාර්ලිමේන්තු නිමල් ලන්සා මහතා එහිදී උපදෙස් දී ඇති බවද වාර්තා වෙනවා.

ඊට අමතරව ලබන පෙබරවාරි මාසයේ ඔවුන්ගේ සමුළුව පැවැත්වීමට ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: