hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2024 ජූනි 16, ප.ව. 3:42



පොදු ජන පෙරමුණේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රබල චරිතයක් වූ මීට සති දෙකකට පෙර සමගි ජන බලවේගයට එක්වූ නැගෙනහිර හිටපු පලාත් අමාත්‍ය ආරියවතී ගලප්පත්ති මහත්මිය එක්සත් ජාතික පක්ශයට එක්ව තිබෙනවා.

පසුගියදා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඇය අමාත්‍ය මනූශ නානායක්කාර මහතා සමග පැවැත්වු වීශේශ සාකච්ඡාවකදී එජාපය සමග අත්වැල් බැදගත් බවද ඒෂියන් මිරර් වෙත කියා සිටියා.

ඉදිරි කාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඔහුගේ වැඩපිලිවෙල ශක්තිමත් කිරීම සදහා එක්වන බවද එහිදී කියා සිටියා.

සජබ එක්වන පිරිස් සදහා දේශපාලන හයියක් ලබා දීම සදහා ඔවුන්ට නිවැරදි වැඩපිළිවෙළක් පෙනෙන්නට නොමැති බවද ඇය වැඩිදුරටත් කියා සිටියා.