hit counter

2025 සැප්‍තැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2024 මාර්තු 11, පෙ.ව. 10:11



නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ත්‍රිකුණාමලය හින්දු විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ දී පැවති කාන්තා දින උත්සයේදී ඊට එක්වූ කාන්තාවන් පැය දෙකක කාලයක් අව්වේ තබාගැනීම නිසා ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තාවෙනවා.

ඊට හේතුව වී ඇත්තේ පෙරවරු 8.30 ට පටන් ගැනීමට නියමිතව තිබු උත්සවයට ආණ්ඩුකාරවරයා පෙරවරු 10.30 ට පැමිණීම නිසාවෙන්.

මේ දිනවල ත්‍රිකුණාමලයට උෂ්ණත්වය සාමාන්‍යයෙන් 32% පවතින අතර ක්‍රීඩාංගනයක සිටියදී එම තත්වය දරාගැනීමට අපහසු බව අවස්ථා කිහිපයදීම ඔවුන් සංවිධායක මණ්ඩලය වෙත පැමිණිලි කලද ඉන් පලක් වී නොමැති බවද දන ගන්නට ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: