hit counter

2025 සැප්‍තැම්‍බර් මස 04 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 29, ප.ව. 12:00



තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීම පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු පොදුජන පෙරමුණු පක්‍ෂයේ සියලු නිලධාරීන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

තමාට පක්‍ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීමට බාධා කිරීමෙන් වළකින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසද තමා පක්‍ෂ සභාපති ධුරයෙන් ඉවත් කර ඇත්නම් එය පක්‍ෂ ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් පටහැනි බවද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙම පෙත්සම මඟින් පැහැදිලි කර තිබෙනවා.