hit counter

2025 ඔක්‍තෝබර් මස 29 වන බදාදා

2024 පෙබරවාරි 15, ප.ව. 1:50



රාජ්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සඳහා පළාතෙන් පළාතට වෙනස් නොවන ප්‍රතිපත්තියක් කඩිනමින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඇතැම් පළාත්වල මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුකාරවරුන් සිය පළාතට ආවේනිකව තීන්දු ගැනීමට ගොස් අර්බුධ රැසකට මුහුණ දීමට මෙම නිලධාරීන් සිදුව ඇති නිසා ඉහත ක්‍රියාමාර්ගය ගැනීමට හේතු වී ඇති බවද දන ගන්නට ඇත.

වසර 5ක් සේවය කිරීමෙන් අනතුරුව පළාත් ස්ථාන මාරු ක්‍රියාත්මක වීම සාමාන්‍ය ක්‍රියාදාමය වුවද ඇතැම් පළාත්වල රාජ්‍ය නිලධාරීන් වසර 5කට වඩා වැඩියෙන් සේවය කලද ස්ථාන මාරු කිරීමට ආණ්ඩුකාරවරුන් කටුයතු නොකරන බවට තොරතුරු ලැබී තිබෙන බවද වාර්තා වෙනවා.

එම නිසා පළාතෙන් පළාතට වෙනස් නොවන ස්ථාන මාරු ක්‍රමවේදයක් ඇති කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: