hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2022 ජූලි 14, පෙ.ව. 11:04



වැඩබලන ජනාධිපතිවරයෙකු පත් කර සිටින බැවින් ජනපති අස්වීමේ ලිපිය ලබා නොදෙන්නේ නම් ධූරය හැර ගියා සේ සැලකිය හැකි නීතිමය ප්‍රතිපාදන ගැන සොයා බලන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවත් ඊයේ (13) මධ්‍යම රාත්‍රියට පෙර ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්විමේ ලිපිය තමන් වෙත යොමු කරන බව මීට පෙර දුරකතනයෙන් දැනුම් දුන් බවත් ඔහු කියා සිටියා.

මේ අවස්ථාවේ තමන් දැඩි පීඩනයක සිටින බවත් ඉතා ඉක්මනින් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා දැනුම් දුන් බවත් කතානායකවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: