hit counter

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 05, ප.ව. 2:35



සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ මව තිරු නඩේෂන් මහතාගේ නිවසේදී සාකච්ඡාවක් පවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඊයේ (04) සිදුවූ එම හමුවේදී සාකච්ඡා කළේ කා සමඟද යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.

අද විපක්ෂයේ ගොඩගැනීමට තිබූ සමගිය නැති කළ බවත් ඒවාට ඩීල් ගියේ කොහෙන්ද යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.

විපක්ෂය ඩීල් දමා ජනතාවට ගොනාට අන්දවා ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඊට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තමාගේ මව පැන්ඩෝරා නඩේෂන් හමු නොවූ බවයි.

එවැනි මඩ ප්‍රචාර වලට ඉඩ නොදෙන ලෙසත් එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

හිටපු ඇමැති නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඬේෂන් මහතා ව්‍යාපාරිකයෙකු වනවා.