2025 පෙබරවාරි 13, ප.ව. 12:18
ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිය වූ සොනාලි සමරසිංහ මහත්මියට නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ අමාත්‍ය උපදේශක තනතුර ලබා දී ඇත්තේ ඇය නිල වශයෙන් කළ අයැදුම් කිරීමකින් පසුව බව විදේශ කටයුතු ආරංචි මාර්ග ඒෂියන් මිරර්ට ප්‍රකාශ කරයි.
ලසන්ත ඝාතන විමර්ශනයේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කළ පසුබිමක මෙම පුවත වාර්තා වූ බැවින් ජනමාධ්‍ය එය ප්‍රශ්න කර තිබුණේ ආණ්ඩුව දේශපාලන උපක්‍රමයක් වශයෙන් ගත් තීන්දුවක්ද කියාය.
තම සැමියාගේ ඝාතනයෙන් පසුව ජීවිත තර්ජන මත ලංකාව හැර ගිය සොනාලි සමරසිංහ මහත්මිය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරිනියක ලෙසින්ද සේවය කළාය.
ස්වයං පිටුවහලේ සිටිමින්ද ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටි ඇය දිගින් දිගටම යුක්තිය වෙනුවෙන් සටන් කළාය.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36