hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2022 ජූනි 30, ප.ව. 5:01



හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩි රෝගී තත්ත්වයකින් පසුවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතාගෙන් කළ විමසීමකදී පැවසූවේ මෙලෙස පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වය පසු වන බවත් ඔහුගේ දෛනික රාජකාරි කිසිදු බාධාවකින් තොරව සිදු කරගෙන යන බවත් ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: