hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 12, ප.ව. 3:56



හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නැවතත් නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කරනු ලැබුවා.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු යටතේ රාජකාරි සිදු කළ අලි සබ්රි මහතා පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා සමබන්ධයෙන් මෙසේ සඳහන් කළා.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රට නිවැරැදිව පාලනය කරයි කියා ඔබ සිතනවාද?

මං ප්‍රාර්ථනා කරනවා හරියට කරයි කියලා. මොකද රටක් හැටියට අපිට 2015දී මෛත්‍රිපාල ජනාධිපතිවරයා ෆේල් වෙනවා. ගෝඨාභය ජනාධිපතිවරයාත් අනිවාර්යයෙන්ම ෆේල්.

තවත් එක්කෙනෙක්ට ෆේල් වීමක් රටට දරාගන්න බෑ. රටේ ජනතාව හරි හෝ වැරැදි එතුමාව තෝර ගෙන තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා එතුමා සාර්ථක වෙන්න ඕනෑ කියලා. නමුත් එතුමාගේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ එතුමා කරන වැඩපිළිවෙළ මත තමයි.

මාසයකින් කියන්නට බැහැ. අවුරුද්දක් දෙකක් යනකොට තමයි කියන්න පුළුවන් සාර්ථකද නැද්ද කියලා. නමුත් එක දෙයක් කියන්න ඕනේ. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල තියෙන දේවල් නෙමෙයි දැන් කරන්නෙ. ඒක හොඳයි හැබැයි. අයි.එම්.එෆ්. එක්ක වැඩ කරන්නෙ නැහැ කියල කිව්වා. දැන් ඔය කරන්නෙ. අයි.එම්.එෆ්. එකට බැන බැන හිටියේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරලා විකල්පයක් ඉදිරිපත් කරනව කියලත් කිව්ව.

ඒක කරන්නෙත් නැහැ. නන්දලාල් වීරසිංහ මැතිතුමා ආපු ගමන්ම බංකොලොත් කළා කියලත් කිව්වා. එතුමාව දැඩි ලෙස විවේචනය කළා. හැබැයි එතුමාවත් තියාගෙන ඉන්නවා. මහින්ද සිරිවර්ධන මැතිතුමත් දැඩිව විවේචනය කළත් ඔහුවත් තියාගෙන ඉන්නව. ඉතින් අපි ගෙනාපු ප්‍රතිපත්ති තමයි ඉදිරියට අරන් යන්නෙ. හැබැයි ඒක ඉතා හොඳයි. බොරුවට මේ වෙලාවෙ කරන්න බැරි දේවල් කරනවට වඩා.

Example Image