hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2024 ජූලි 09, ප.ව. 8:36



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ මෙහෙයුම් කමිටුව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්‍යාලයේදී පැවැත්වුණා.

මේ අවස්ථාවට නව සන්ධානයේ නිර්මාතෘ නිමල් ලාන්සා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සහ ශ්‍රීලනිප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.
ඊට අමතරව සජබ ප්‍රබල මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ප්‍රධාන කරුණු කාරණා රැසක් සාකච්ඡා වී තිබෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කල වහාම ආණ්ඩුවේ සහයට පැමිණෙන පිරිසක් පිලිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇති බවද දැන ගන්නට ඇත.