hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 14, පෙ.ව. 11:23



ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යෑමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් සැරසෙන බවට පලවන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නැතැයි බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු කියා සිටියා.

ඔහු කියා සිටියේ ඇතැම් සංවිධානාත්මක පිරිසක් සමාජ මාධ්‍ය හරහා මේ ගැන අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දෙමින් සිටින බවයි.

එම ව්‍යාජ පුවත නිසා පොහොට්ටුවේ පාක්ශිකයින් කලබලයට පත්ව ඇති අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කිසිසේත් කටයුතු නොකරන බව තමන්ට විශ්වාස බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.