hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 මාර්තු 13, ප.ව. 8:22



ශ්‍රී ලංකා – යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ (SL EUPFA) සභාපතිනිය ලෙස අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියව පත් කෙරී තිබෙනවා.

ශ්‍රී ලංකා යුරෝපා සංධානයේ 9 වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මණ්ඩලය පත් කිරීමේ විශේෂ රැස්වීමේ දී යි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී මෙම රැස්වීම පැවැත්වී ඇති අතර, ඊට පාර්ලිමේන්තු මහලේකම් ධම්ම දසනායක මහතාද සහභාගි වූ බව යි වාර්තා වන්නේ.