hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 10:43



සේවාවන් ලබාගැනීමට ගම්පහ නගර සභාවට පැමිණෙන ජනතාව අපහසුතාවට පත්වන බවට ජනතාවගෙන් මෙන්ම මහජන නියෝජිතයන්ගෙන්ද තමන්ට පැමිණිලි ලැබෙන බැවින් සියලුම අංශ සම්බන්ධයෙන් විගණනයක් සිදුකොට සති දෙකක් ඇතුළත තමාට වාර්තාවක් ලබාදෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ නාගරික කොමසාරිස්වරියට උපදෙස් දී තිබෙනවා.

මෙයට ප්‍රධාන හේතුව නිළධාරීන්ගේ දුර්වලතා බව කී අමාත්‍යවරයා එවැනි නිළධාරීන් ඉවත්කර වැඩකළ හැකි නිළධාරීන් සමඟ ඉදිරි වැඩකටයුතු කරගෙන යාමට තමන් සූදානම් බවද කියා සිටියා.

ගම්පහ මහනගර සභාවේ පැන නැගී ඇති ගැටලු විසඳීම සදහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ගම්පහ මහ නගරසභා සීමාවේ මාර්ගවල වීදි පහන් නඩත්තුව නිසි පරිදි සිදුවන්නේ නැහැ. මේ ගැන මහජනතාව වගේම නගරසභාවේ හිටපු මහජන නියෝජිතයන්ගෙනුත් මට පැමිණිලි ලැබිලා තිබෙනවා.මම මේ ගැන නගරසභාවට කිහිප වතාවක්ම දැනුම් දුන්නා.නමුත් තවම ප්‍රශ්නය විසඳිල නෑ.තවදුරටත් මේ ප්‍රශ්නය දිග්ගැස්සෙන්න දෙන්න බෑ.නගරසභාව ගන්න තීන්දු තීරණ නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න ඕන.නිළධාරීන් වැඩ කරන්නෙ නැති වුණාම මිනිස්සු බණින්නෙ අපිට.පහුගිය දවස්වල මහජන නියෝජිතයන්,නගරසභාවේ නිළධාරීන්ට බැණල තිබුණා.මේව ගහ බැනගෙන විසඳන්න බැහැ.මට නගරසභාවේ සියලුම අංශ විගණනය කරල සති දෙකක් ඇතුළත වාර්තාවක් ඕන.මම ආණ්ඩුකාරතුමා එක්ක ප්‍රශ්නය විසඳගන්නම්.ඒ වගේම නගර සභාවට අයිති සියලුම මාර්ග නිසි පරිදි නඩත්තු කෙරෙන්න ඕන.අත්තනගල්ල ජල ව්‍යාපෘති නිසා කැඩුණු පාරවල් නැවත හදන්න ඕන.හරිනම් ඒ පාරවල් හදන්න ඕන ජලසම්පාදන මණ්ඩලයයි.නමුත් මේ වෙලාවේ රටේ මූල්‍ය අර්බුදයක් තියෙනවා.ඒක නිසා ජලසම්පාදන මණ්ඩලයෙන් මුදල් ලැබීම ප්‍රමාද වේවි.ඒ මුදල් ලැබෙනකම් නගරසභාවේ ගිණුමේ තියෙන සල්ලි වියදම් කරල පාරවල් හදන්න. ⁣රාජ්‍ය ආයතනවල ගිණුම් වල සල්ලි ඉතුරු කරගෙන ඉඳල හරියන්නේ නැහැ.ඒව මහජන මුදල්.ඒනිසා ගිණුම්වල තිබෙන සල්ලි යොදවල පාරවල් හදන්න.එක එක්කෙනාට අවශ්‍ය විදියට පාරවල් හැදෙන්න බැහැ.ඒ නිසා මහජන නියෝජිතයන්ට අසාධාරණයක් නොවෙන විදියට පාරවල් හැදෙන්න ඕන.ඒ නිසා නගරසභාවේ ගිණුම් වාර්තා ගැනත් මට ඒ සම්බන්ධවත් වාර්තාවක් ඕන.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: