2025 ජනවාරි 31, පෙ.ව. 8:04
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයෙන් රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ප්‍රවාහන ඇමති බිමල් රත්නායක රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් ඉදිරියේ ඔහුට බැණ වැදීම යැයි ‘ඒෂියන් මිරර්’ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ එසේ බැණ වැදීමෙන් තමා දැඩි අපහසුතාවයකට පත් වී යැයි රමාල් සිරිවර්ධන මහතා තම හිතවතුන් සමග පවසා තිබේ.
ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට පසුගිය වසර කිහිපය පුරා ක්‍රියාකළ තමන්ට එවැනි සිදුවීමක් දරාගත නොහැකි බවද ඔහු එහිදී පවසා ඇත.
කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ නායකත්වය සමග අමනාපයක් නැතැයිද ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට වුවමනාවක් නැතැයිද හිතවත් මාධ්‍යවේදියෙකු සමග ඔහු පවසා ඇත.
පාලන කාල තුනකදී ලංගම සභාපතිවරයා වශයෙන් කටයුතු කළ රමාල් සිරිවර්ධන මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අපේක්ෂයෙකු ලෙස ගම්පහ මහ නගර සභාවට තරග කිරීම සඳහා නාම යෝජනා ද බාර දී තිබිණි.
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48
2024 දෙසැම්බර් 31, ප.ව. 5:11