hit counter

2024 සැප්‍තැම්‍බර් මස 22 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 22, ප.ව. 7:55



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 09 වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට ශුභාසිංශන එක්කර තිබෙනවා.

සිය නික්ම යාම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ “අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” යන්නයි.

ඊයේ (21) දිනයේ පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට භාර දෙන බවද ජනාධිපතිවරයා සිය නිවේදනය හරහා දැනුම් දී තිබෙනවා.

එමෙන්ම තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත්, අභිනව ජනාධිපතිවරයා එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවා යන්නත් තමන් ප්‍රාර්ථනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.