hit counter

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා

2024 ජූනි 10, පෙ.ව. 7:09



තවත් සති දෙකකින් රටේ සියලුම දෙනාට ඉතිහාසයේ බලගතුම දේශපාලන සන්ධානය ගැන දැන ගත හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමති රවී කරුණානායක සදහන් කරයි.

ඉතිහාසයේ පුළුල්ම දේශපාලන සන්ධානය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් එම ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 95ක් පමණ හිමිකර ගන්නා බවද රවී කරුණානායක සදහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විජයග්‍රහණය කරා මෙහෙය වීමට ඇපකැප වී ක්‍රියා කරන බවද රවී කරුණානායක සදහන් කරයි.

කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් රවී කරුණානායක මේ බව සඳහන් කරයි.