2025 පෙබරවාරි 13, ප.ව. 12:05
ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ජාතික පුවත්පතක කර්තෘවරයෙකු ඉව අල්ලමින් සිටින බව වාර්තාවේ.
මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ බලවත්ව සිටි මෙම කර්තෘවරයා විශාල දේශපාලන අරමුණක් සහිතව මෙම ව්‍යාපෘතියට අතගසා ඇතැයි කියයි.
ඓතිහාසික මහා සමන් දේවාලයේ මේ වන විට හටගෙන ඇති අර්බුදය පාවිච්චි කරගෙන රත්නපුරේ ප්‍රභූන්ගේ ද සහයෙන් බස්නායක නිලමේ තනතුර දක්වා යෑම ඔහුගේ අරමුණ වී ඇති බව කියයි.
මේ සඳහා මේ වන විට වෙනම ප්‍රචාරණ ව්‍යාපෘතියක්ද ආරම්භ කර තිබේ.
මහ සමන් දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ. අධිකරණ නියෝගයකින් ඉවත් කිරීමෙන් පසු රාජකාරි මණ්ඩලය සමන් දෙවියන්ගෙන් දේව ආශිර්වාද ලබාගෙන රාජකාරී ආරම්භ කළේ පසුගිය හතරවෙනිදාය.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36