hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2024 මැයි 26, ප.ව. 5:00



අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලඥයෙක් වු හිටපු කැබිනට් අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා සමගි ජන බලවේගයට එක්ව තිබෙනවා.

ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එහි පක්ෂ සමාජිකත්වයද ලබාගෙන තිබෙනවා.

විපක්ෂ නායකවරයා ඊයේ පොලොන්නරුව ප්‍රදේශයේ රැලියට සහභාගී වූ අතර ඒ අතර වාරයේ කරලියද්ද මහතා හමුවී ඇති බවද වාර්තා වෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාද මේ අවස්ථාවට එක්ව තිබෙනවා.