hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2023 ජූලි 24, ප.ව. 2:44



සිය කණ්ඩායම රජයට සහාය දක්වන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද ආණ්ඩුකාර තනතුරක් ලබා ගැනීමට කටයුතු කරන්නැයි එම තනතුරු බලාපොරොත්තුවෙන් පසුවන පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේ ආණ්ඩුකාර තනතුරු අපේක්ෂාවෙන් සිටින පිරිස අතරට දකුණු පළාත නියෝජනය කරන හිටපු ආණ්ඩුකාරවරයෙක්, බස්නාහිර පළාත නියෝජනය කරන හිටපු පළාත් ඇමතිවරයෙක්, මධ්‍යම පළාත නියෝජනය කරන හිටපු ආණ්ඩුකාරවරයෙකු ද ඇතුලත්.

කෙසේවෙතත් මේ පිළිබදව නිමල් සිරිපාල ඇමතිවරයා ලිඛිතව ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට පොරොන්දු වී ඇති බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: