hit counter

2025 දෙසැම්‍බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 11:58



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද පැවැත්වෙන 72 වැනි සංවත්සර උත්සවයට නව සන්ධානයටද ආරාධනා කර තිබෙනවා.

ඒ අනුව දැනට එහි නායකත්වය දරණ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊට සහභාගී වීමට නියමිතයි.

ඊට අමතරව කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතාද ඊට සහභාගී වීමට නියමිත බව රාජගිරිය නව සන්ධාන කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

කෙසේ වෙතත් ශ්‍රීලනිප සංවත්සර උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා නොකළ බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: