2022 සැප්‍තැම්‍බර් 28, ප.ව. 12:00
පසුගියදා තඹුත්තේගම ප්‍රදේශයේ සිදුවූ බැංකු මංකොල්ලයකට සම්බන්ධ රාජාංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අත්හිටුවා තිබෙනවා.
තඹුත්තේගමදී පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිටි රුපියල් කෝටි 2 කට අධික මුදලක් කොල්ල කා පළා යන අවස්ථාවේදී ඒ අසලින් ගමන් ගත් තඹුත්තේගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් බුද්ධි කුමාර මහතා කොල්ලකරුවන් සමග පොර බදා ඔවුන් සතුව තිබු ගිනි අවිය ද උදුරා ගෙන සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තඹුත්තේගම කළුන්දෑගම ප්‍රදේශයේ පදිංචි 48 හා 50 වැනි වියේ පසුවන්නන් දෙදෙනෙක්.
කෙසේ වුවද මන්ත්‍රීවරයා සැකකරුවන්ට යතුරුපැදියක් ලබාදී කොල්ලකෑමට සහාය දුන් බවට විමර්ශන වලදී හෙළිවී තිබුණා.
ඒ අනුව බැංකු කොල්ලයට සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
සබැඳි පුවත්
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
28-05-25
28-05-25
23-05-25
23-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
11-05-25
11-05-25
08-05-25
08-05-25
03-04-25
03-04-25
28-03-25
28-03-25
27-03-25
27-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
25-03-25
25-03-25