hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 9:29



තඹුත්තේගම රුපියල් කෝටි 2 කට අධික මුදල් කොල්ලය සම්බන්ධයෙන් රාජාංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තඹුත්තේගමදී පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිටි රුපියල් කෝටි 2 කට අධික මුදලක් කොල්ල කා පළා යන අවස්ථාවේදී ඒ අසලින් ගමන් ගත් තඹුත්තේගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් බුද්ධි කුමාර මහතා කොල්ලකරුවන් සමග පොර බදා ඔවුන් සතුව තිබු ගිනි අවිය ද උදුරා ගෙන සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, සැකකරුවන් අතට පත් වූ මුදල් එම අවස්ථාවේදීම පොලීසිය භාරයට ගෙන ඇති බවයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් තඹුත්තේගම කළුන්දෑගම ප්‍රදේශයේ පදිංචි 48 හා 50 වැනි වියේ පසුවන්නන් දෙදෙනෙක්.

එක් සැකකරුවෙක් එම පෞද්ගලික බැංකුවේ රාජකාරි කරන ආරක්ෂක නිලධාරියෙකු බව ද වාර්තා වෙනවා.

සැකකරුවන් කොල්ල කා  තඹුත්තේගම නගරයේ තොග වෙළෙඳාමේ නිරත ව්‍යාපාරියෙකුට අයත් මුදල් තොගයක්.

සැකකරුවන් සතුව තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක්, අත්පළදනාවක්, මන්නා පිහියක්, ජංගම දුරකතනයක්, යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: