hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2022 නොවැම්‍බර් 24, ප.ව. 5:32



ජනාධිපතිතුමා නිතර නිතර ඇවිත් මන්ත්‍රීවරුන්ට විහිළු කරන්නේ ඇත්ත ප්‍රශ්න අමතක කිරීමට බව සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කළා.

තුෂාර ඉඳුනිල් මහතා මෙසේ පැවසූවේ ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීයි.

හිට්ලර්ට අන්දල ගෙනාපු පුද්ගලයාට යන්න වුණේ චාලි චැප්ලින් වෙලා බව කී තුෂාර ඉඳුනිල් මහතා රනිල් වික්‍රමසිංහ එදා චාලි චැප්ලින්  කරපු කණ්ඩායම විසින් ම අද ඔහු නැවත හිට්ලර්ට අන්දන්න හදන බව කියා සිටියා.

පොලිස් කොමිසමේ සභාපතිවරයා පසුගිය දිනක පොලිසියේ කොන්ද කැඩු බවද  මුළු පොලිසියේම නිල ඇඳුම් ටික පොලිසියෙන් ගලවාගෙන ගිහින් කටුනායක දී බැසිල්  රාජපක්ෂ මහතාට ගෞරව සමාචාර කළ බව ද ඉඳුනිල් මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: