hit counter

2026 ජූලි මස 04 වන සෙනසුරාදා

2023 මැයි 26, ප.ව. 1:32



කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි තම කාර්යාලයේ යතුර කිසියම් පුද්ගලයකු විසින් ගෙන තමාට එම කාර්යාලයට ඇතුළු වන්නට ඉඩදෙන්නේ නැති බව පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් පැවැසුවා.

තමාගේ සියලු කටයුතු කරන්නේ කොළඹ යුනියන් පෙදෙසේ එම කාර්යාලයේ සිට බව මහාචාර්ය තිස්ස විතාරණ මන්ත්‍රිවරයා සඳහන් කළා.

මේ නිසා එම කාර්යාලයේ තිබෙන දේවල් අස්ථානගත විය හැකි බවද ඔහු කියා සිටියා.

මේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර විසඳුමක් ලබාදෙන ලෙස මහාචාර්ය තිස්ස විතාරණ වරප්‍රසාද ප්‍රශ්නය යොමු කරමින් ඉල්ලා සිටියා.