hit counter

2026 ඔක්‍තෝබර් මස 21 වන බදාදා

2023 නොවැම්‍බර් 28, ප.ව. 5:06



අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් සමගි ජන බලවේග‍යේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතාව ඔහු දැරූ, පස්සර ආසනයේ සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව පුරප්පාඩු වූ පස්සර ආසනයේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධුරය ලෙච්චුමන් සන්ජේ වෙත ලබා දී තිබෙනවා.

සංජේ මහතා ඊට අදාළ පත්වීම් ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් ලබා ගත් අතර ඉන් පසු ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ, තමන් අදාළ තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් සතුටු වන බවත්, තමන් පස්සර තරුණයන් වෙනුවෙන් සේවය කිරීමට බලාපොරොත්තු වන බවයි.