hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 අගෝස්‍තු 15, පෙ.ව. 8:44



සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීමක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කර තිබෙනවා.

තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි අනුව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි වගකීම් දැරීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද පවසා ඇත්තේ එවන් ආණ්ඩුවක තනතුරු භාරගැනීමට සූදානම් බවයි.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා ට මේක ගොඩ දාන්න පුළුවන් ද? බැරිද ? කියන එකට අවස්ථාවක් ලබාදෙන්න ඕනේ. දැනට මට නම් මීට වැඩිය හොඳ කෙනෙක් පේන්නේ නෑ. වගකීමක් භාරදුන්නොත් මම ඒක කරනවා. ජම්බෝ කැබිනට් එකක් කියලා කියන්නේ විපක්ෂය නේ. නමුත් මේකේ තියෙනවා අනුකාරක සභා. විපක්ෂය ඉල්ලනවා අනුකමිටුවල සභාපතිකම් 19 යම. කැබිනට් අමාත්‍යවරයෙකුගේ සෑම වරප්‍රසාදයක්ම අර 19 දෙනාට ලැබෙනවා. එකම බෝට්ටුවේ තමා නැගලා යන්නේ. “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: