hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 15, ප.ව. 2:24



නවකතා,කෙටි කතා හා ගී පද රචකයෙකු වන මලික් තුසිත ගුණරත්නගේ අලුත්ම නවකතාව වන “සිල්වර් ටිප්ස් “දොරට වැඩුම අද (15 ) සවස 2.30 ට කොළඹ 7 ජාතික පුස්තකාල ප්‍රලේඛනාගාරයේ පැවැත්වෙනවා.

මෙම ග්‍රන්ථය එළි දැක්වීමේ උළෙල සදහා සහෘද ආමන්ත්‍රණය නුවන් පලිහවඩන විසින් සිදු කරනවා.

මහාචාර්ය සරත් විජේසූරිය, දර්ශන වර්ණසේකර හා කාංචනා  ප්‍රියකාන්ත යන මහත්ම මහත්මීන් ග්‍රන්ථය පිළිබඳ විශේෂ අදහස් දැක්වීමක් අද දින සිදු කරනවා.

සටහන :- වසුන්දරා කුමාරී ධර්මරත්න