hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 12, ප.ව. 3:18



දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදිසයක් වෙන උණවටුන වෙරළ තිරය මේ වනවිට මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතින බැව් උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් පවසති. දකුණු වෙරළ තිරයේ ඇති  සුන්දරතම වෙරළ තිරයක් වන උණවටුන වෙරළ තිරය මුහුදු ඛාදනයට ලක්විම නිසා උණවටුන සංචාරක කලාපයේ සංචාරක කර්මාන්තයේ නිරත වුවන්ද ගැටළු රැසකට ලක්ව සිටිති. පසුගියදා ඇතිවු උදම් රළ හා  තද කුණාටු හේතුවෙන් වෙරළ තිරය ඛාදනයට ලක්වෙමින් පවතින බවද හෝටල් හිමියන් පෙන්වා දෙති.

මේ පිළිබද අදහස් දක්වමින් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාන සංචාරක එකමුතුවේ සභාපති සමිර සේනක ද සිල්වා මහතා  මෙසේ කිවේය.‍

උණවටුණ වෙරළ තිරය සමුද්‍රඛාදනයට ලක්වෙමින් තියෙනවා. වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව මේ සදහා තිරසාර වැඩපිළිවෙළක් යෙදිය යුතුයි. දැනට හෝටල් හිමියන් වැලිකොට්ට ගහලා තාවකාලික පිළියම් යොදලා තියෙනවා.මුහුදට ගලා බසින ඇළ මාර්ග වැලිපිරිලා අවහිර වෙලා තියෙනවා.අවහිර කරලා තියෙනවා.මේ නිසා අවට ගම්මාන වලට ජලගැලිම් තත්වයක් නිර්මානය වෙලා තියෙනවා. වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව විසින් නිති විරෝධිබලපත්‍ර දිලා තියෙනවා මේ නිසා ඇතමුන් මුහුදට නෙරායන විදියට බැමි දමලා තියෙනවා. මේ බැමි දැමුවිට සෘජුවම වෙරළ ඛාදනය වෙනවා. වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව  මේ සදහා මිට වඩා මැදිහත්විය යුතුයි.මේ පිළිබද අධ්‍යයනයක් කළයුතු  යැයිද  සේනක ද සිල්වා මහතා කිවේය.

උණවටුන සුළු හා මධ්‍ය පරිමාන සංචාරක ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති නිතිඥ රුපසේන කොස්වත්ත මහතා  කිවේ මෙවැනි කථාවකි.

තද කුණාටුව හේතුවෙන් උදම් රළ නැගිම සිදුවුනා. එහි බලපැම උණවටුණ සංචාරක කලාපයටත් ඇතිවෙමින් පවතිනවා. උණවටුණ වෙරළ තිරය ඛාදනය වෙමින් තියෙනවා. මෙය උණවටුණ සංචාරක කර්මාන්තයට දැඩිලෙස  බලපානවා..2013 වර්ෂයේ දි උණවටුනවැල්ල දේවාලය අසල කෘතිම දියකඩනයක් ඉදිකිරිම සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා තමයි වෙරළ ඛාදනය විම පටන්ගත්තේ. වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව විසින් වැලි දමලා  ප්‍රතිපෝෂණය කරලා කෘතිම ලෙස වෙරළක් නිර්මානය කළා. වෙරළ ඛාදනයට විසදුමක් ලෙස වැලි ප්‍රතිපෝෂණය කරලා කෘතිම වෙරළක් නිර්මානය කිරිම සියයට සියයක විසදුමක්  නෙවෙයි. මේ වනවිට  වැලි පෝෂණය මගින් කෘතිමව සකස් කළ වෙරළ තිරයේ  ඇති වැලි වලින් සියයට 60ක්  ඛාදනය වෙලා  ඉවරයි.

දියකඩනයෙන් සියයට පහක් විතර තමයි ඉවත් කළේ. තවමත් දියකඩනය තියෙනවා.මෙක තමයි වෙරළ තිරයට දමන වැලි ඛාදනය විමට ප්‍රධාන හේතුව. මේ නිසා උදම් රළ දියවැල්  උණවටුන මුහුදු තිරය තුල වැඩිවෙලා තියෙනවා. අනවසර ඉදිකිරිම් මේ සදහා  හේතුවෙලා තියෙනවා. ඇතමුන් බලත්‍ර අරගෙන මුහුද දෙසට නෙරායන විදියට බැමි දමලා තියෙනවා. මේ නිසා එකපැත්තක වැලි එකතුවෙනවා.එකපැත්තක වැලි ඛාදනය වෙනවා. මේ සදහා වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව විසින් ස්ථිරසාර වැඩපිළිවෙළක් යෙදිය යුතුයි.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දේපාර්තමේන්තුවේ  ගාල්ල  ප්‍රා දේශිය ඉංජිනේරු ශිරාණි මහආරචචි මහත්මියගෙන් මේ පිළිබදව අප කළ විමසුමකදි මෙසේ කිවාය.

ගැඹුරු මුහුදේ ඇතිවුණු කුණාටු තත්වයක් නිසා අහම්බෙන් ඇති වු වෙරළ ඛාදන තත්වයක් තමයි  උණවටුන වෙරළ තිරය තුල ඇතිවෙලා තියෙන්නේ. මේ සදහා වෙරළ ඛාදනය වි ඇති ස්ථානවලට වැලිකොට්ට දැමිමට අවශ්‍ය බෑග් ලබා දුන්නා. අපේ අධික්ෂණය යටතේ  ඒ කටයුතු සිදුකිරිමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මේ ස්ථිර පිළියමක් යෙදිමට දැන්ම කල් වැඩියි. හදිසියේ ගැඹුරු මුහුදේ උණුසුම් කුණාටුවක් හෝ පිඩන අවපාතයක් නිසා මුහුද රළ ඉහලයාමේ වගේ සිද්ධියක් දවසකට හරි දෙකකට වගේ තමයි සිමා වන්නේ. ඒ නිසා නැවත වෙරළ තිරය යථා තත්වයට පත්වෙනවා.මේ වගේ වෙලාවට  මේ පිළිබද කෙටි කාලයක් අධික්ෂණය කරලා  හදිසි වෙරළ සංරක්ෂණ කටයුතු තමයි සිදුකරන්නේ. උණවටුන වෙරළ තිරය නිලධජ වෙරළ තිරයක් විදියට සංවර්ධනය කරමින් යනවා.. වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව  වෙරළ ඛාදනය විම  පිළිබද  නිරන්තර  විමසිල්ලෙන් ඉන්නවා.

වෙරළ තිරයක් කෘතිමව වැලි පෝෂණය කිරිමේ දි කොහොමත් යම් කිසි වැලි ප්‍රමාණයක්  ගැඹුරු මුහුදට යනවා. නැතහොත් මුහුදු රළ ඔස්සේ ගොස් වෙරළ තිරයේ වෙනත් ස්ථානවල තැන්පත් වෙන්න පුළුවන්  .කෘතිමව වැලිපෝෂණය කිරිමේ දි වෙරළ තිරයේ ස්වාභාවික  පිහිටිම අනුව වැලි වලින් සියයට 20ක් නැතිනම් සියයට 40ක් විතර හෝ ගැඹුරු මුහුදට නැතිනම්  වෙරළ තිරයේ වෙනත් ස්ථානයක තැන්පත් වෙන්න පුළුවන්. මේ සදහා අවස්ථාව තියලා වැඩිපුර වැලි පෝෂණය කරණවා. උණවටුන වෙරළ තිරයේ 2014 විතර තමයි වැලි ප්‍රතිපෝෂණය කළේ. මිටර් 30 සිට මිටර් 50ක වෙරළ තිරයක් ආරම්භක අවස්ථාවේ තිබුනා. දැන් එම වෙරළ තිරයේ ඇතැම් ස්ථානවල වෙරළ ඛාදනය විම නිසා  පළල අඩුවෙලා තියෙනවා.  වැල්ලදේවාලය පැත්තේ  වෙරළ පළලින් වැඩිවෙලා තියෙනවා.මැතකාලිනව වෙරළ තිරය ස්ථායි තත්වයකට පත්වෙලා තිබුනා. මෙම වෙරළ ඛාදනය විම දිගින් දිගටම පවතිවි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව විදියට මේ ගැන විමසිල්ලෙන් ඉන්නවා.යැයි ප්‍රා දේශිය ඉංජිනේරු ශිරාණි මහආරචචි මහත්මිය සදහන් කළාය.