hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 03, ප.ව. 12:36



60 වසරක් සිවුරු දැරීම බෞද්ධ භික්ෂුවකගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඒ වගේම කෙනෙකුට වයස අවුරුදු 71දී එම සන්ධිස්ථානයට පැමිණීම ඇත්ත වශයෙන්ම ජයග්‍රහණයක්. පුංචි සන්දියේම පැවිදිවී ලෝකවාසී ජනතාවට අමාමහ බුදු බණ බෙදනවා කියන්නෙම සුවිශේෂී කරුණක්.

මේ කතාවේ කතා නායකයා මහරගම ධම්මසිරි නායක හිමියන්.

මහරගම වජිරඥාන ධර්මායතනයේ විහාරාධිපති හිමියන්. උන්වහන්සේ ගැන තවත් අටුවාටීකා කියනවා නම් උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක පදවියත් ඇමෙරිකාවේ වොෂිංටන් බෞද්ධ විහාරයේ විහාරාධිපති ධුරයත් ග්‍රේට්ස්බර්ග් ලයන් ඔෆ් විස්ඩම් භාවනා මධ්‍යස්ථානයේ අධිපති යනාදී බෞද්ධ පුනර්ජීවනයට කටයුතු කරන තනතුරු රැසක්ම දරමින් සිටිති.
1949 වසරේ අගෝස්තු මස 25 වැනිදා මහරගමදී උපත ලබන ගුණදාස පීරිස් දරුවාගේ දෙමවුපියන් වනුයේ හබරගමු රාලලාගේ බැස්ටියන් පීරිස් සහ හබරකඩ රාලලාගේ ජොසෙලිග් පීරිස්ය.

ගුණදාස මුලදී පරම විනියාර්ථ බෞද්ධ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර ඔහු සිය මව සමඟ මහරගම පරම වජිරඥාන ආයතනයේ ධර්ම පාසලට ඇතුළත් විය.

අනතුරුව සාමණේර භික්ෂුවක් වීමට කැමැත්තෙන් පසුවූ උන්වහන්සේගේ බලවත් බලකිරීම මත මෑණියන් ඊට එකඟ වූ අතර, අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ නාහිමි සහ අම්පිටියේ රාහුල නාහිමියන්ගේ අනුශාසනා පරිදි සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර අනුව පැවිදි විය.

මඩිහේ පඥ්ඥාසීහ මහා නාහිමියන්ගේ සහ අම්පිටියේ රාහුල මහ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ධර්මායතනයේදී පැවිදි වනවිට උන්වහන්සේට යන්තම් වයස අවුරුදු 10යි මාස 10ක් විය. උන්වහන්සේ එම මහා නාහිමිවරුන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යයාද එමෙන්ම මහරගම වජිරඥාන ධර්මායතනයේ පළමු ශිෂ්‍යයාද උන්වහන්සේය.

නායක හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි මහරගම ධම්මසිරි හිමියන් ආරාමයේ ඉගැන්වූ පාලි, සංස්කෘත, ත්‍රිපිටකය මෙන්ම ඉංග්‍රීසි භාෂාව වැනි සියලු කුසලතා හා විෂයයන් කඩිනමින් ඉගෙන ගත්හා. උන්වහන්සේ 1962 වසරේ පැවති ඉංග්‍රීසි භාෂා තරගයෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වූහ.

උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨත්වය සලකා මහා නාහිමියන්ගේ අපවත්වීමත් සමඟ ධර්මායතනයේ විහාරාධිපති ධූරයට පත් විය. මේවනවිට උන්වහන්සේ පදිංචිව සිටින්නේ වොෂින්ටනයේ වුවද, ඔහු ශ්‍රී ලංකාවට නිතිපතා සංචාරය කරමින් බෞද්ධ ප්‍රචාරණ කටයුතු සිදු කරමින් සිටිති.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ බිහිවූ ප්‍රථම ථෙරවාද බෞද්ධ විහාරය වන වොෂිංටන් බෞද්ධ විහාරය මඩිහේ පඥ්ඥාසීහ නාහිමියන් 60 දශකයේදී ආරම්භ කළ අතර, 1987 වසරේ සිට මේ දක්වාම එහි අධිපති ධුරය හොබවමින් කටයුතු කරන්නේ උන්වහන්සේය.

1971 වසරේදී ධම්මසිරි හිමියෝ උසස් උපසම්පදාව හෝ උපසම්පදාව ලබා ගත්තේ විශ්මිත ශාස්ත්‍රීය කාර්ය සාධනයකින් පසුවය. පසුව ධම්මසිරි හාමුදුරුවෝ මහරගම ධර්මායතනයේ පාලි කථිකාචාර්යවරයෙක් මෙන්ම මහරගම ගුරු අභ්‍යාස ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු ද විය.

1971 වසරේ 21 වැනි වියේදී උසස් උපසම්පදාව ලැබීමෙන් පසු උන්වහන්සේට ධර්මායතනයේ වගකීම් පිරිනමන ලදී. ක්‍රමක්‍රමයෙන් විහාරස්ථාන ජාලයක් සංවිධානය වීමත් සමඟම, 1975 දී අනුරාධපුර නව නගරයේ අලුතින් පිහිටුවන ලද වජිරාරාමය අධීක්‍ෂණයට එවන ලද අතර එහිදී දක්‍ෂ සංවිධායකයකු ලෙස තම හැකියාවන් ඔප්පු කර පෙන්වීමට උන්වහන්සේ සමත්වූහ. එම විහාරස්ථානය අද දක්වාම බෞද්ධ කටයුතුවලදී ඉතා ක්‍රියාශීලීව කටයුතු කිරීම උන්වහන්සේගේ සංවිධාන ශක්තිය අපූරුවට කියාපාති.

රාහුල ලොකු හාමුදුරුවෝ ධර්මායතනයෙන් නික්ම හන්තානේ හුදකලා ජීවිතයක් ගත කිරීමත් සමඟ 1975දී ධම්මසිරි නායක හාමුදුරුවෝ නැවතත් ධර්මායතනයට වැඩම කළේ විශේෂයෙන්ම තරුණ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හැඩගැන්වීමේ වගකීම භාර ගැනීමටය. මේ කාලය වන විට උන්වහන්සේ විශිෂ්ට දේශකයෙකු හා දක්ෂ ගුරුවරයෙකු බවට පත්ව සිටීම කාගේත් අවධානය දිනාගත් කරුණක් වූහ. භික්‍ෂු පුහුණු මධ්‍යස්ථානය හැරුණු විට මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද උන්වහන්සේ කටයුතු කරමින් සිටිති.

මඩිහේ මහා නාහිමියන් විසින් වොෂින්ටන් බෞද්ධ විහාරය පිහිටුවා වසර 20කට පසු උන්වහන්සේ විහාර සංගමයේ මහලේකම් ධුරයට වැඩම කිරීමට ධම්මසිරි හිමියන් තෝරා ගත්හ. ඒ 1987 වසරේදීය.

විහාරාධිපති ලෙස ධම්මසිරි නායක හිමියන් වොෂින්ටන් විහාරය විධිමත් ක්‍රියාකාරකම් සැලසුම් රැසක් කරමින් සංවර්ධනය කර ඇත. උන්වහන්සේ විසින් සංවිධානය කර ඇති භාවනා වැඩසටහන් අද ඇමෙරිකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ජනප්‍රියයි. උන්වහන්සේගේ දඩු කැපවීම මත වැඩි වැඩියෙන් විදේශිකයන් බෞද්ධ දර්ශනයට වඩා භාවනාවට යොමු වන බවක් පෙනෙන්නට ඇත.

උන්වහන්සේ ශාසනයට කළ මෙහෙය අගයමින් වැලිගම ඤාණරතන මහා නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අමරපුර නිකායේ උත්තරීතර මණ්ඩලය විසින් උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් කිරීමද උන්වහන්සේගේ පැවිදි දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයකි.

ධම්මසිරි හිමියන් විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ්හි පැරණි සමාජ ශාලාවක් මිලදීගෙන හොඳ පහසුකම් සහිත ආරාමයක් බවට පත් කරමින් භාවනා අසපුවක් ආරම්භ කරන ලදී.

එය හැඳින්වෙන්නේ ග්‍රේට්ස්බර්ග් ලයන් ඔෆ් විස්ඩම් භාවනා මධ්‍යස්ථානය ලෙසයි.

අමෙරිකා එක්සත් ජනපදයේ නව ප්‍රධාන සංඝනායක පදවියත් සමඟ බුද්ධාගමට ඉමහත් සේවාවක් ඉටු කිරීම වෙනුවෙන් උන්වහන්සේට ශ්‍රී ධර්මරක්ෂිත වංශදිවාජ යන ගෞරව නාමයද පිරිනමන ලදී.

ධම්මසිරි නාහිමියන් දශක හයකට වැඩි කාලයක් මුළුල්ලේ බුද්ධ පණිවිඩය ප්‍රචාරය කරමින් රටටත් ලෝකයටත් මෙහෙවරක් ඉටුකරමින් සිටිති.

ධම්මසිරි නාහිමියන් බුද්ධ ශාසනයට කළ අනභිභවනීය මෙහෙවර වෙනුවෙන් ගිහි පැවිදි දෙපාර්ශවයේම ගෞරවයට පාත්‍ර වන අතර මේවනවිට ජනවිජය පදනමට නායකත්වය ලබාදෙමින් නැවත එහි පුනර්ජීවනයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටිති.