hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:20



ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය පාකිස්තාන කණ්ඩායම සමග අද අබුඩාබිහිදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 08ට පැවැත්වීමට නියමිතව තිබේ.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදුවනු ඇති බව නායක චරිත් අසලංක සඳහන් කළේය.

එහිදි චාමික කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් පවති.

අපි තාම කතා කරමින් ඉන්නේතාම ෆයිනල් කරලා නෑ 11 දෙනාවනමුත් වමත් ක්‍රීඩකයින් අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂවගොඩක් ඉන්නවා නිසා අනිවාර්යයෙන්ම දඟ පන්දු යවන්නෙක්ගේ වෙනසක් වෙන්න පුළුවන්ඊට අමතරව අපි තාම කතා කරමින්යනවා extra bowling allrounderකෙනෙක්වසමහර වෙලාවට පන්දු යවන්නන් හතරකින් යද්දි අපි ගාණක් ඩිෆෙන්ඩ් කරද්දිඅපිට පොඩි අමාරුවක් තියෙනවා කියලා පේනවා. extra bowling allrounder කෙනෙක් සෙල්ලම් කරොත් මම පිතිකරණයකරන තැන සමහර විට උඩට එන්න පුළුවන්එහෙම නැත්නම් මමත් දසුන් අයියත් ෆ්ලොටින් රෝල් එකක් තමා ක්‍රීඩා කරන්නේමොකද අපිට වමත් ක්‍රීඩකයින් හතර දෙනෙක් එක දිගට ඉන්නවාඒක අනිත් පිලට වාසියක් වෙන්න පුළුවන් නිසා තමා දසුන්වඋඩින් තිබ්බේමම හිතනවා එයා ඒක හරියටම කර කියලා.”