hit counter

2025 දෙසැම්‍බර් මස 15 වන සඳුදා

2025 දෙසැම්‍බර් 15, ප.ව. 12:11



2023 එක්දින ලෝක කුසලානයේදී අන්ත පරාජයට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඒ වන විට තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා යළි තේරීම් කමිටුවේ සභාපති ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිර්දේශ මත ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සැරසෙනවා.

ප්‍රමෝද්‍යගේ නව ක්‍රිකට් තේරීම් කමිටුවට හේමන්ත වික්‍රමරත්න ,විනෝදන් ජෝන්,තරංග පරණවිතාන සහ ඉන්දික ද සේරම් බොහෝදුරට ඇතුළත් වීමට ඉඩ තිබේ.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස උපුල් තරංග කටයුතු කරන අතර ඔහුගේ තේරීම් කමිටුවේ ධූර කාලය දෙසැම්බර් මස මුලදී අවසන් විය.

2023 එක්දින ලෝක කුසලානයෙන් පසු කණ්ඩායම තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවත් එය දින දෙකක් තුළ හෙළිකරන බව එවකට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසා සිටියේය.

නමුත් ඔහුව පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

එතැන් සිට මාතර දිස්ත්‍රික්කයේ ක්‍රිකට් සම්බන්ධීකරණ කරමින් මාසකට මිලියනකට ආසන්න වැටුපක් ලමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධව සේවය කළාය.

ජාතික ජන බලවේග ආණ්ඩුව හා සම්බන්ධව සමීපව කටයුතු කරන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මැතිවරණ අවස්ථාවල් කිහිපයකදීම එක්ව ක්‍රියාකාරීව යටයුතු කළේය.