2025 දෙසැම්බර් 09, ප.ව. 11:28
මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය වෙනුවන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 12 දෙනෙකු ඉදිරිපත් වීමට නියමිතව තිබේ.
ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික ලංසුවේ කාණ්ඩයට
මතීෂ පතිරණ, වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඇතුලත් ව තිබෙනවා.
ඉන්දීය රුපියල් කෝටි 1ක මූලික ලංසුවේ කාණ්ඩයට ඇතුළත් වන්නේ කුසල් පෙරේරා සහ චරිත් අසලංකයි.
ඉන්දීය රුපියල් ලක්ෂ 75 මූලික ලංසුවට දසුන් ශානක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, විජයකාන්ත් වියස්කාන්ත්, දුනිත් වෙල්ලාලගේ සහ බිනුර ප්‍රනාන්දු ඇතුළත්.
ට්‍රැවින් මැතිව් මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කර ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 30 මූලික ලංසුවටයි.
2026 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 16 වනදා අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි.
2026 ජූලි 26, පෙ.ව. 10:17
2026 ජූලි 25, ප.ව. 10:40
2026 ජූලි 24, ප.ව. 7:48
2026 ජූලි 22, පෙ.ව. 8:24
2026 ජූලි 20, පෙ.ව. 4:21