hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 01, පෙ.ව. 1:18



කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

කාන්තා ලෝක කුසලානය රටවල් 8ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේදී හා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර පළමු තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉන්දියාවේ ගුවහාතිහිදී පැවැත්වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 47 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 269ක් ලබා ගත්තාය.

වර්ශාව හේතුවෙන් තරගය පන්දුවාර 47ක් ලෙස පැවැත්විය. 

හාර්ලීන් ඩියෝල් ලකුණු 48ක් ද,අමන්ජොත් කෞර් ලකුණු 57ක් සහ දීප්ති ශර්මා ලකුණු 53ක් රැස්කළා.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 4ක් සහ උදේෂිකා ප්‍රබෝදනී කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 271ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 211ක් පමණි.

නායිකා චමරි අතපත්තු ලකුණු 43යි.