hit counter

2025 සැප්‍තැම්‍බර් මස 24 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 1:56



මහජන බැංකුව මූල්‍ය අන්තගර්තභාවය (Financial Inclusion) ශක්තිමත් කිරීම සහ ජාතික ඩිජිටල් ආර්ථික සැලැස්මට සහාය වීම අරමුණු කරගනිමින් සිය Mini POS වෙළඳ ගෙවීම් ක්‍රමය පසුගියදා හඳුන්වාදෙන ලදි.

මෙය හඳුන්වා දීමේ උත්සවය පීපල්ස් කාඩ් මධ්‍යස්ථානය සහ ලිබර්ටි ප්ලාසා ශාඛාව එක්ව සංවිධානය කළ අතර, ගනුදෙනුකරුවන් වෙත Mini POS පිරිනැමිමද මෙහිදි සිදුකෙරිණි.

මෙම Mini POS සේවාව අවම පිරිවැයක් සහ පහසු ප්‍රවේශය සහිත විසඳුමක් වන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ක්ෂුද්‍ර වෙළඳ අංශ ඩිජිටල් කාඩ්පත් හරහා ගනුදෙනු කිරීමේ පහසුකම හා ඒකාබද්ධ කිරීම සඳහා මෙය විශේෂයෙන් නිර්මාණය කර ඇත. මෙය සරල මෙහෙයුම් ක්‍රියාවලියකින් යුක්ත වන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත සිදුකරන ගෙවිම් කාඩ්පත් මඟින් බාධාවකින් තොරව සිදුකිරීමේ හැකියාව සැලසේ.

Mini POS සේවාව වෙළඳපොලේ අවම මාසික ගාස්තුවක් සමඟ පිරිනමන අතර, පද්ධතිය ස්ථාපනය කිරිම සහ පුහුණුව ලබාදීම මහජන බැංකුව විසින් නොමිලේ සිදුකරයි. විද්්‍යුත් සහතික කිරීමේ සහ ඩිජිටල් රිසිට්පත් වලින් සමන්විත මෙම ක්‍රමවේදය, කඩදාසි භාවිතයෙන් තොර පරිසරයක් නිරමාණය කිරීම සඳහාද හේතු වනු ඇත. වෙළඳ අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩව පහසුකම් සැලසීම සඳහා වසරේ දින 365 පුරාම ක්‍රියාත්මක වන මෙහෙයුම් ක්‍රියාවලියත් සමඟ, පසු දිනම (නිවාඩු දිනද ඇතුළුව) අදාළ මුදල් නම් කරන ලද ගිණුමට බැර කරනු ලබයි. ගනුදෙනුකරුවන්ට ඕනෑම මහජන බැංකු ශාඛාවකින් හෝ කාඩ්පත් මධ්‍යස්ථානයට පැමිණ Mini POS විසඳුම සඳහා ඉල්ලුම් කළ හැකිය.

මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවිම් සහ කාඩ්පත්) නිල්මිණි ප්‍රේමලාල්, කාඩ්පත් ප්‍රධානි ජයනාත් ඩයස්, ප්‍රධාන කළමනාකාරිනි (කාඩ් මධ්‍යස්ථානය) විනෝදිකා පීරිස්, කොළඹ දකුණ ප්‍රාදේශීය කළමනාකාරිනි හරින්දනී අභයවික්‍රම, ලිබර්ටි ප්ලාසා ශාඛා කළමනාකාරිනි නිලුක්ෂි රාමනායක යන මහත්ම මහත්මීහු ඇතුළු බැංකු නිලධාරීන් සහ ගනුදෙනුකරුවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.