2025 ඔක්තෝබර් 07, ප.ව. 4:03
මහජන බැංකුවේ People’s Tower නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් සහ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවතේ, අංක 374 දරණ ස්ථානයේදී 2025 ඔක්තෝබර් මස 07 වැනි දින සුබ මොහොතින් විවෘත කෙරිණි.
පුරා හැට හතර වසරකට අධික කාලයක් මුළුල්ලේ පොදු ජනතාවට මූල්‍ය පහසුකම් පිරිනැමීමෙන් මෙන්ම මෙරට සමාජ ආර්ථික පුනරුදයට අසමසම දායකත්වයක් දක්වමින් දැයේ උන්නතියට කැප වූ මහජන බැංකුව, මෙම නව ප්‍රධාන කාර්යාලයට පිවිසීම මෙරට බැංකු හා මුල්‍ය ඉතිහාසයේ සුවිශේෂ මා සලකුණක් වනු ඇත. බැංකුවේ මෙන්ම දේශයේ ආර්ථික වර්ධනය මින් මනාව නිරුපණය වන අතර, මහජන බැංකුවෙන් රටට සහ ජනතාවට ලබාදෙන සේවාව මේ තුළින් තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව සැලසේ.
මෙම නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල මහල් 22 කින් සහ භූගත මහල් 3කින් සමන්විත වන අතර, මහජන බැංකුවේ පාරිසරික තිරසරභාවය පිළිබඳ ප්‍රතිපත්තියට අනුව මෙය සම්පූර්ණයෙන්ම හරිත ගොඩනැගිලි සංකල්පයට අනුගතව ඉදිකර තිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ගොඩනැගිල්ලට අංග සම්පූර්ණ පහසුකම් වලින් සපිරි ශ්‍රවණාගාරයක්, ලේඛනගත කිරීමේ ඒකකයක්, නවීන ආපන ශාලාවක්, මෙවෛද්‍ය මධ්‍යස්ථානයක්. සම්මන්ත්‍රණ ශාලා ඇතුළු විශේෂ පහසුකම් රැසක් ඇතුළත්ය.
මෙහි මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයද පිහිටුවා ඇති අතර, ගනුදෙනුකරුවන්ට අති නවීන ඩිජිටල් බැංකු පහසුකම් පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාවද මෙහි ස්ථාපිත කර ඇත. එමෙන්ම මහජන බැංකුව නව ප්‍රධාන කාර්යාලයට පිවිසීම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ සමරු කවරයක් සහ මුද්දරය එළිදැක්වීමද මෙහිදී සිදුකෙරිණි. මහජන බැංකුවේ පැරණි ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල කොළඹ 02. සර්. චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ 1977 වසරේදී පිහිට වූ අතර, ඉන් දශක ගණනාවකට පසු ස්ථාපිත කළ මෙම නව ප්‍රධාන කාර්යාලය, රාජ්‍ය බැංකුවක් සහ ජාතික ආයතනයක් ලෙස මහජන බැංකුවේ ස්ථාවරත්වය.
තව්‍යත්වය, කාර්යක්ෂමතාව සහ අභිමානය පිළිඹිබු කරයි. මෙම විවෘත කිරීමේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහතා ඇතුළු ආයතනික සහ විධායක කළමනාකාරිත්වය, ආරාධිතයින්, ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.
මහජන බැංකුව 1961 ජූලි මස 01 වැනිදා පිහිට වූ අතර, මේ වන විට රුපියල් ට්‍රිලියන 3.7 කට අධික වත්කම් වලින් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයකි. දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා සංඛ්‍යාව 750කට අධික වන අතර, 8000ක පමණ කාර්ය මණ්ඩලයකින් සමන්විතය. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 15.2කට අධික වන අතර, එය මෙරට වානිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වීම විශේෂත්වයකි.
එමෙන්ම මහජන බැංකුව මෙරට ඩිජිටල් බැංකුකරණයේ ද ප්‍රමුඛයා වන අතර, වර්තමානය වන විට එහි ඩිජිටල් ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 3.5කට අධිකය. වගකිය යුතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදීමෙන්ම නොනැවති මෙරට සමාජ ආර්ථික ප්‍රගතිය උදෙසා ද විශාල මෙහෙවරක් සිදු කර තිබේ. මීට අමතරව රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය, අධිවේහි, මාර්ග, සංචාරක, යටිතල පහසුකම් ආදී ක්ෂේත්‍රයන් සඳහා මූල්‍ය පහසුකම් ලබා දෙමින් රටේ ආර්ථික සංවර්ධනයට දැක් වූ දායකත්වයද සුවිශාලය.