hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 08, පෙ.ව. 12:07



අද සමාජයේ පවතින බරපතලම වසංගතය කුඩු ජාවාරම බවත් එය පාසල විශ්වවිද්‍යාලය දක්වා පැතිර ඇති බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ජාවාරම මර්දනය සඳහා පක්ෂ පාට භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මහින්ද රාජපක්ෂ මෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් බදා නොගන්නා බවත් අපේ එකෙක් වුණත් බේරගන්න කිසිවෙකු ඉදිරිපත් නොවන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

අම්පාරේ පැවති උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.