hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2025 නොවැම්‍බර් 11, පෙ.ව. 12:05



මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රීවරිය සිය ධුරයෙන් මෙන්ම පක්ෂයේ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වී ඇති බව අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි.

“පවුලේ විවිධ පුද්ගලයන් සිටිය හැකි නමුත් ඇයට කිසිම චෝදනාවක් තිබුණේ නැහැ. පෙර වැරදි කිසිවක් නොතිබූ ඇය හමුදාවේ සිටි හෙදියක්. කෙසේ නමුත්, පවුලේ සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය චෝදනාවකට හසුවූ නිසා අදාළ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා ලබාදුන්නේ ඉදිරිපත් වූ පුද්ගලයාට මිස පවුලේ සාමාජිකයන්ට නොවේ. පක්ෂයක් ලෙස අපි ගොස් චූදිතයා බදාගෙන නැහැ. ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.”

උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.