hit counter

2025 නොවැම්‍බර් මස 11 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 11, පෙ.ව. 8:48



මේ මොහොතේ ඔබ විශ්වයේ කොතනක සිටියත් නොවැම්බර් (21) වැනිදා ඔබ සිටිය යුත්තේ නුගේගොඩ පමණයි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

උදය ගම්මන්පිල සඳහන් කළේ,

“දේශපාලන උපායමාර්ග වල දැවැන්තයකු වන මහත්මා ගාන්ධි වරක් මෙහෙම ප්‍රකාශ කළා. ඔබ අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කළ විට බොහෝ දෙනෙක් ඔබව ගණන් නොගෙන ඉදීවි.

දෙවනුව ඔබව සරදමට ලක්කරාවි. අපි මේ වනවිට ඉන්නේ ගාන්ධි තුමා සඳහන් කළ, සැකකරන, විවේචනය කරන, සරදම් කරන අවධියේ. මේ මොහොතේ ඔබ විශ්වයේ කොතනක සිටියත් නොවැම්බර් (21) වැනිදා ඔබ සිටිය යුත්තේ නුගේගොඩ පමණමයි.”

මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව සඳහන් කරයි.