2025 නොවැම්‍බර් 27, පෙ.ව. 8:46
මහජන බැංකුව, 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස නවය සඳහා සිය මුල්‍ය කාර්ය සාධනය ප්‍රකාශයට පත්කළ අතර, එය අදාළ කාල සීමාව තුළ ඉතිහාසයේ වාර්තා කළ ඉහළම අගයයි. සෑම ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකු මහජන බැංකුව සමඟ ගනුදෙනු කරන අතර, රටේ සෑම පුද්ගල කේන්ද්‍රිය හා ව්‍යාපාරික ණයහිමියන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුම මහජන බැංකුව සමඟ ගනුදෙනු කරයි. මෙම සුවිශේෂී කාර්ය සාධනය ඔස්සේ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක සහ ශක්තිමත් මූල්‍ය සේවා සපයන්නා ලෙස මහජන බැංකුවේ ස්ථානය තවදුරටත් තහවුරු වේ.
මෙම වාර්තාගත ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වූයේ බැංකුවේ ඒක පුද්ගල කාර්ය සාධනයයි. මහජන බැංකුව රුපියල් බිලියන 28.8 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර, එය එහි ඉතිහාසයේ මාස නවයක් තුළ වාර්තා කළ ඉහළම ලාභයයි. රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් වෙනුවෙන් සැලකිය යුතු මුදලක් හානිකරණ අලාභ ලෙස ලෙස වෙන්කර තිබියදීත් මෙම සුවිශේෂී කාර්ය සාධනය වාර්තා විය.
බැංකුවේ ඒකල මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 121.9 ක් විය. එය සැලකිය යුතු 99.4% ක වැඩි වීමක් වන අතර එයට සුවිශේෂී මූලික ඉපැයීම් සහාය විය. වෙනස්වන වෙළඳ පොළ තත්ත්වයන් මැද ඵලදායී වත්කම් වගකීම් ප්‍රතිමිලකරණය හේතුවෙන් ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 103.9 දක්වා ආසන්න වශයෙන් දෙගුණයක් වු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2024 දෙසැම්බර් මාසයේදී 3.47 ක් වූ බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය 4.07 දක්වා වර්ධනය විය. ශක්තිමත් ගනුදෙනුකාර ක්‍රියාකාරකම් සහ ශක්තිමත් ගනුදෙනු පරිමාවන් පිළිබිඹු කරමින් බැංකුව මෙම කාලය තුළදී ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම් රුපියල් බිලියන 12.2 ක් ලෙස එහි ඉහළම අගය වාර්තා කරන ලදී.
බැංකුවේ ශේෂ පත්‍රය අඛණ්ඩව ඉහළ යමින්, මුළු ඒ කල වත්කම් රුපියල් ට්‍රිලියන 3.6 දක්වාත්, තැන්පතු රුපියල් ට්‍රිලියන 3.2 දක්වාත්, ශුද්ධ ණය රුපියල් ට්‍රිලියන 1.6 දක්වාත් ඉහළ යාම ජාතික ණය අතරමැදිකරණය තුළ බැංකුවේ කේන්ද්‍රිය කාර්යභාරය අවධාරණය කරයි. ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයන් ශක්තිමත්ව පවතින අතර, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සියලු විචක්ෂණ අඩු කිරීම ඇතුළත් කිරීමෙන් පසුව පවා ස්ථර 01 ප්‍රාග්ධන අනුපාතය 11.5% ක් සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුin 16.0.7 ක් විය. ද්‍රවශීලතා මට්ටම නියාමනයන් අවම මට්ටමට වඩා බෙහෙවින් ඉහළින් පැවති අතර, රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය 287.0% ක් විය.
බැංකුවේ ඒකල ප්‍රතිඵල මෙම වාර්තාගත ජයග්‍රහණයේ පදනම වූ අතර, සමුහයේ ඒකාබද්ධ ප්‍රතිඵල ද ශක්තිමත්ව පැවතුනි. ඒකාබද්ධ බදු පසු ලාභය රුපියල් බිලියන 30.5 ක්වූ අතර, මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 139.5 ක් විය. එය පෙර වසරට වඩා 85.0.7 ක වර්ධනයකි. ඒකාබද්ධ දළ ආදායම රුපියල් බිලියන 312.8 දක්වා ඉහළ ගිය අතර, ඒකාබද්ධ වත්කම් රුපියල් විලියන 3.9 දක්වා ඉහළ ගොස් ඇත. එය සමූහයේ ඔරොත්තු දීමේ හැකියාව සහ එහි අනුබද්ධිත ආයතනවල ශක්තිමත්භාවය තවදුරටත් පෙන්නුම් කරයි. විචක්ෂණශීලී ආන්තික කළමනාකරණය සහ ඉහළ මෙහෙයුම් කාර්යක් ෂමතාව හේතුවෙන් ඒකාබද්ධ ශුද්ධ පොලී ආන්තිකය 4.3% දක්වා වර්ධනය විය.
2025 සැප්තැම්බර් අවසානය වන විට මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණයේ නායකත්වය පිළිඹිබු කරමින් මිලියන 5.7 ක් digital onboardings සහ මිලියන 4.0 ක බැංකු කරණ යෙදවුම් සඳහා ලියාපදිංචි වීම් වාර්තා කළේය. මේ තුළින් බැංකුවේ වැඩිදියුණු කර ඇති ඩිජිටල් වේදිකාවන් වේගයෙන් භාවිතා කිරීම පිළිබිඹු කරන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස මහජන බැංකුවේ ස්ථාවරත්වය තහවුරු වෙයි.
මහජන බැංකුවේ සහ සමුහයේ ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ එහි සහාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා, ‘බැංකුවේ තිරසර ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව වඩාත්ම පිළිබිඹු කරන 2025 වසරේ තෙවන කාර්තුවේ ප්‍රතිඵල ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. පෙරදි අභියෝගයන්ට ලක් වූ ක්ෂේත්‍ර වල ලබා ඇති ස්ථාවර භාවය තුළින් මෙම ප්‍රභතියේ ගැඹුර මනාව නිරූපණය වේ. ශක්තිමත් රාජ්‍ය ආයතනයක් ලෙස ස්ථාවර සහ වගකිව යුතු ලාභදායිතාවයක් පවත්වා ගනිමින් රජයේ ආර්ථික වැඩපිළිවලට සහාය වීම මහජන බැංකුවේ අරමුණයි. අඛණ්ඩ සාර්ව ආර්ථික සංකීර්ණතා තිබියදීත්, අපගේ උපායමාර්ගික ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමට, නවෝත්පාදනයන් මෙහෙය වීමට සහ අපගේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත, බාධාවකින් තොරව සහ නවීන මූල්‍ය සේවා පිරිනැමීමට අප අඛණ්ඩව කැපවී සිටිමු.
මූල්‍ය අන්තර්කරණය සඳහා වන අපගේ අවධානය, සියලුම ශ්‍රී ලාංකිකයින්ට රටේ ආර්ථික ප්‍රතිලාභ ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා අපගේ උත්සාහයන් දිගටම මෙහෙයවයි. සේවා විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ජාතික සංවර්ධනයට දායකත්වය ලබා දීම තුළින් ජාතියේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වීම අපගේ අරමුණයි. දිගුකාලීන ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සහ සෑම මට්ටමකින්ම සහයෝගිතාවයන් ශක්තිමත් කිරීමෙන්, සියලු දෙනාගේ අනාගතය යහපත් කිරීම අපගේ අරමුණයි.
මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය.
” අපගේ තුන්වන කාර්තුවේ ප්‍රතිඵල, අපගේ ආයතනයේ ඉතිහාසයේ ඉහළම කාර්ය සාධනය වීම පිළිබඳ සතුටට කරුණකි. එය අපගේ අරමුණු වල ශක්තිය සහ අප කණ්ඩායමේ කැපවීම පිළිබිඹු කරයි. බැංකුව ශක්තිමත් ව්‍යාපාර ආකෘති පරිවර්තනයකට බඳුන් වෙමින් සිටියදී සහ රාජ්‍ය අංශයේ මුල්‍යකරණය කෙරෙහි දිගු කාලීන අවධානයකින් සිට පෞද්ගලික අංශයේ ව්‍යාපාර සමඟ තරඟකාරිත්වයට පිවිස සිටීමේදී මෙම ප්‍රතිඵලය වාර්තා කිරීම වැදගත් කරුණකි. මෙහෙයුම් විශිෂ්ටත්වය, ගනුදෙනුකාර කේන්ද්‍රිය පරිවර්තනය සහ උපායමාර්ගික ඩිජිටල් ආයෝජන මගින් අපගේ පදනම ශක්තිමත්ව ඇති අතර, එමඟින් ගනුදෙනුකරුවන්ට සහ කොටස්කරුවන්ට වැඩි වටිනාකමක් ලබා දීමට අපට හැකිව ඇත.