hit counter

2025 දෙසැම්‍බර් මස 01 වන සඳුදා

2025 දෙසැම්‍බර් 02, පෙ.ව. 12:05



පසුගියදා පැවති ‘Face of Beauty International 2025’ අවසන් මහා තරගයේ, ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැළඳියේ පිලිපීනය නියෝජනය කළ Nikki Buenafe Cheveh විසිනි.

තරගයේ පළමු, දෙවන සහ තෙවන අනුශූරතාවන් පිළිවෙළින් ස්වීඩනය, ෆින්ලන්තය සහ මැලේසියාව අතර බෙදී ගියා.

‘Face of Beauty International 2025’ තරගයේ ලාංකේය නියෝජනය වූ, ජනප්‍රිය නිරූපණ ශිල්පිනි නිලූෂි පවන්යා අවසන් තරගකාරිනියන් 20 දෙනා අතරට පැමිණීමට සමත්වීම විශේෂය.

මේ වන විටත් ලංකාව මුහුණදෙමින් සිටින දැඩි ආපදා තත්ත්වය හමුවේ, නිලූෂි මෙම අවසන් මහා තරගයට සහභාගී වූයේ අතිශය සංවේදී පසුබිමකයි. ඇයට අවසන් මහා තරගයට මුහුණදෙන අවස්ථාවේදී පවා, සිය නිවැසියන් හා කතාබහ කිරීමේ අවස්ථාවක් නොතිබිණ.

ඒ පිළිබඳව ඇය, හැඬූ කඳුළින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් ද නිකුත් කරන ලදී. එහිදී ඇය කියා සිටියේ, තමාට කළ හැකි උපරිමය රට දිනවීම වෙනුවෙන් සිදුකරන බවයි.

තරගය අවසන, නිලූෂි සිය ෆේස්බුක් පිටුවට එක්කළ සටහනයි මේ…

”ඒක ලේසී නෑ…
හැබැයි මං ඒක කලා….
Top 20 & best talent
බාධක ඒක්ක මෙච්චර දුර ආව එක ගැන මට සතුටුයි…
I am pround be Sri lankan”