hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 15, පෙ.ව. 9:59



පැවති ආපදා තත්ත්වය නිසා වසා දැමුණු පාසල් හෙට දිනයේ දී නැවත ආරම්භ කිරීමට නියමිතව ඇත.

එබැව්න් පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම වෙනුවෙන් විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද(15) දින කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එසේම ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු පාසල් 147ක් හෙට දිනයේ දී යළි ආරම්භ කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ද එම අමාත්‍යංශය පෙන්වා දුන්නා.

එසේම අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිල ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: