2026 ජනවාරි 19, ප.ව. 2:10
ශ්‍රී ලංකාවේ සංචාරක කලාප තුළ ඇප් පාදක (App-based) කුලී රථ රියදුරන් සහ ප්‍රාදේශීය කුලී රථ ක්‍රියාකරුවන් අතර පවතින නොසන්සුන්තාවය යළිත් කරළියට පැමිණ තිබෙනවා. ඒ උණවටුන පොලිසියට අනුයුක්ත යැයි පැවසෙන පොලිස් නිලධාරියෙකු විසින් PickMe රියදුරෙකුට පොදු මාර්ගවල රැඳී සිටීම හෝ වාහන නැවැත්වීම තහනම් බව පවසමින් අනතුරු අඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟයි.
අදාළ වීඩියෝ දර්ශනවලට අනුව එම නිලධාරියා පවසන්නේ එවැනි වාහනවලට රැඳී සිටිය හැක්කේ පෞද්ගලික දේපළක පමණක් බවයි.
මෙම සිද්ධිය සිදුවූ දිනය මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, මෙම පුවත වාර්තා වන මොහොත වන විටත් පොලිසිය විසින් මේ පිළිබඳව නිල පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.
මේ අතර, පසුගිය මාසයේ ඇල්ල ප්‍රදේශයේදී මෙවැනිම සිදුවීමක් වාර්තා වුණා. එහිදී PickMe සහ Uber රියදුරන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ප්‍රාදේශීය කුලී රථ කණ්ඩායම් විසින් සිදු කරන ලදැයි පැවසෙන තර්ජනය කිරීම්, පහරදීම් සහ වාහනවලට හානි කිරීම් පිළිබඳ පැමිණිලි මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වුණා.
එමෙන්ම, ඇල්ල ප්‍රදේශයේදී ඇප් පාදක කුලී රථ සේවා සැපයීමෙන් වළකින්නැයි පොලිස් නිලධාරීන් විසින් රියදුරන්ට උපදෙස් දෙන අයුරු දැක්වෙන තවත් වීඩියෝවක් හේතුවෙන් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කෙරුණු අතර, ඔවුන්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමටද පියවර ගෙන තිබුණා.
2026 ජනවාරි 19, ප.ව. 5:29
2026 ජනවාරි 19, ප.ව. 4:30
2026 ජනවාරි 19, ප.ව. 4:11
2026 ජනවාරි 19, ප.ව. 2:50
2026 ජනවාරි 19, ප.ව. 2:43