hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 22, පෙ.ව. 9:37



ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ විශේෂ ගැසට් පත්‍රය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදුකර ඇති බලතල පැවරීම ප්‍රකාරව, අනුමැතිය මතයි. 

ඒ අනුව කොළඹ වංචා විමර්ශණ කාර්යංශයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. ජේ. ආර්. ද සොයිසා ජාතික පොලිස් අධ්‍යාපන ආයතනය වෙත ස්ථාන මාරු කර තිබෙනවා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන ජේෂ්ඨ පොලිස් අධිකාරී සී ඩබ්ලිව් වීරසේකර ස්ථාන මාරු කර ඇත්තේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙසයි. 

සහකාර පොලිස් අධිකාරී පී. බී. කස්තුරිආරච්චි කුරුණෑගල කොට්ඨාසයේ සිට නිකවැරටිය කොට්ඨාසය වෙත ස්ථාන මාරු කර තිබෙනවා. නිකවැරටිය කොට්ඨාසයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී පී. ඩී. ආර්. කුලතුංග මාරු කර ඇත්තේ කුරුණෑගල කොට්ඨාසය වෙතයි.

බම්බලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න රත්නායක පානදුර කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සදහා ස්ථාන මාරු කර තිබෙනවා.

ඊට අමතරව තවත් ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 12 දෙනෙකු සහ පොලිස් පරීක්‍ෂකවරුන් තිදෙනෙකු ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: