2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:13
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබුණ ද, එහි සමස්ත බර මෙරට පාරිභෝගිකයා මත පැටවීමට රජය සූදානම් නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සෑම මසකම අවසානයේ සිදු කරනු ලබන නිත්‍ය ඉන්ධන මිල සංශෝධනයට අදාළ තොරතුරු අද දිනයේදීම මහජනතාව වෙත දැනුම් දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.
එළැඹෙන මිල සංශෝධනය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පසුගිය අප්‍රේල්, මැයි සහ ජූනි යන මාසවලදී මෙන්ම මෙවර ද ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමෙන් එල්ල වන පීඩනයෙන් කොටසක් රජය විසින් දරාගැනීමට අපේක්ෂා කරන බවයි.
වගකිවයුතු රජයක් ලෙස සමස්ත බර පාරිභෝගිකයා මත නොපටවා, ඉන් කොටසක් රජය මඟින් දරාගනිමින් ජනතාවට උපරිම සහනයක් සැලසීමට පියවර ගන්නා බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:29
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:08
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:06
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26