2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:24
මිනිස් ජීවිතයේ සැබෑ හැඟුම් විවරණය ‘නටත් අයෙක් සුරා මතින්’ ගැන මේ දිනවල හැමෝම වගේ කතාබහ වෙනවා. නටත් අයෙක් සුරා මතින් කියන කොටම මතක් වෙන්නේ ලද්දුව. මේක රොෂාන් රවීන්ද්‍ර නමැති නිර්මාණකරුවාගේ තවත් අපූරු නිර්මාණයක්.
ඔය අතරේ මිල්ටන් මල්ලවාරච්චි නම් අසහාය ගායන ශිල්පියාගේ ජීවිත කතාව ඇතුළත් කරමින් නිර්මාණය වුණු එදා ර චිත්‍රපටයේ මිල්ටන්ගේ චරිතය නිරූපණය කරන්නේ ද රොෂාන්මය.
පුංචි තිරයේ ලද්දු වගේම රිදී තිරයේ මිල්ටන්ගේ චරිත අතර ගමන් කළ රොෂාන් මීවිත සමඟ අදහස් බෙදාගෙන තිබුණේ මෙලෙසයි.
”ඇත්තටම ජීවිතයේ මගේ ළමයි තුන්දෙනයි මමයි නෝනයි ගෙදරයි අසරණ වෙච්චි තැන් අම්බානකට තියෙනවා. ඒ ගැන මම ආපහු කතා කරන්න කැමැති නැහැ. හැබැයි මොන දේ කළත් මම හිතනවා මගේ ජීවිතයේ මම ආපසු හැරිලා බලනකොට හරි තෘප්තිමත් කියලා. මම ආර්ට් එක වෙනුවෙන් ට්‍රයි එකක් දීලා තියෙනවා කියලා මම දන්නවා. මට හම්බවෙන චෙක් එක දිහා බලලා වැඩ කරපු මිනිහෙක් නෙමෙයි කියලා මගේ හිත දන්නවා.
ඉතිං අපි චිරාත් කාලයක් ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙමෙයි. අපි දැන් ටිකක් වයසින් මුහුකුරා ගිය මිනිස්සු. ඒක හින්දා මම ප්‍රාර්ථනා කරපු ලෝකය මීට වඩා ආර්ට් පැත්තට තියෙන්න ඕනෑ. මම විශ්වාස කරන්නේ ආර්ටිස්ට් කෙනකු වුණහම සමාජයට වගකිව යුතු මිනිහෙක් වෙන්න ඕනෑ කියලයි. හුඟාක් යාළුවො මට ඉස්සර පිස්සු කියලා කිව්වා. තියෙන වැඩ ටික කරගන්නේ නැතිව මොනවද මේ වෙලාවේ කරන්නේ කියලත් ඇහැව්වා. ඉතිං දැන් මට ඒකට උත්තර හම්බවෙලා තියෙනවා. මම හිතපු විදිහ හරි කියලයි අදටත් හිතෙන්නේ.”
– රොෂාන් රවීන්ද්‍ර
උපුටාගැනීම : මීවිත
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:28
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:22
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:08
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26