hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 21, ප.ව. 4:32



මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන් සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 11 වන බලඇණිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අද (21) උදෑසන ඔවුන් කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව ගිය බව ගුවන් හමුදාව පවසයි.

මෙම කණ්ඩායමේ අණ දෙන්නා ලෙස ගෲප් කැපිටන් ආසිරි පතිරගේ මහතා කටයුතු කරන අතර, ‍කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළුව ගුවන් හමුදා ‍සාමාජිකයින් 110 දෙනෙකුගෙන් මෙම  බලඇණිය සමන්විත විය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සාර්ථකව අවසන්කළ 10 වන බලඇණියේ ගුවන් හමුදා සේවා පුද්ගලයින් 94 දෙනෙකු ද අද දින දිවයිනට යළි පැමිණ තිබුණි. 

දිවයිනෙන් පිටව ගිය ගුවන් හමුදා භටයන්ට සුභ පැතුම් එක් කිරීමට හා නැවත පැමිණි කණ්ඩායම පිළිගැනීමට, ගුවන් හමුදා සැලසුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන්, සෙසු නිලයන් සහ ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.