2026 ජනවාරි 22, පෙ.ව. 12:06
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ පෙබරවාරි 04 වනදා සිට 11 වන දින දක්වා දින 07ක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන බවට දැනුම් දෙයි.
ඒ අනුව එහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ උපන් ගම් ප්‍රදේශයවන ගුජරාට් ප්‍රදේශයේදී 60 දශකයේදී සිදු කරන ලද කැණීම්වලින් සොයා ගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිට වැඩම කර නොමැත.
2026 ජනවාරි 22, පෙ.ව. 12:16
2026 ජනවාරි 22, පෙ.ව. 12:16
2026 ජනවාරි 22, පෙ.ව. 12:16
2026 ජනවාරි 22, පෙ.ව. 12:14
2026 ජනවාරි 22, පෙ.ව. 12:14