2026 ජනවාරි 22, පෙ.ව. 12:14
මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුව නිසා ලංකා විදුලිබල මණ්ඩලයේ යටිතල පහසුකම් පද්ධතියට සිදුවූ රුපියල් බිලියන 20කට ආසන්න අලාභය, ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධන ඔස්සේ පාරිභෝගිකයන් මත පැටවීමේ අවදානමක් මතුව ඇති බව පවසයි.
ඒ අනුව සංප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල පද්ධති දෙකටම මෙමගින් දැඩි හානි සිදුව ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ විදුලි සංප්‍රේෂණ රැහැන්වලට රුපියල් බිලියන 1ක සහ බෙදාහැරීමේ පද්ධතියට රුපියල් බිලියන 19ක පමණ අලාභයක් සිදුව ඇති බවයි.
අඳාළ අලාභය විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පාරිභෝගිකයන්ගෙන් අයකර ගන්නේද යන්න සම්බන්ධයෙන් කළ විමසීමකදී අඳාළ නිලධාරියා විසින් එම පිරිවැය එකවර අයකර නොගෙන කාලයත් සමඟ ක්‍රමයෙන් පාරිභෝගික ගාස්තුවලට ඇතුළත් කිරීම සිදුවනු ඇති බව කියාැ ඇති බව සඳහන්.
මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ විදුලිය සැපයීමේ පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වීම බව වාර්තා වේ. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය කාර්තුවකට වරක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඉකුත් කාර්තුවේ සිදුවූ පාඩුව ද පියවා ගැනීමට විදුලිබල මණ්ඩලය සියයට 11.57ක ගාස්තු වැඩිවීමක් මෑතකදී ඉල්ලා තිබූ අතර 2026 වසරේ පළමු කාර්තුව සඳහා කිසිදු ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් නියමිත කාලය තුළ විධිමත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අපොහොසත් වීම සහ ඉදිරිපත් කළ වාර්තාවල පවතින අඩුපාඩු එම තීරණයට හේතු වී ඇත.
එමෙන්ම 2026 ජනවාරි – මාර්තු කාර්තුව සඳහා වූ යෝජනා 2025 නොවැම්බර් 14 වැනිදාට පෙර ඉදිරිපත් කරන මෙන් ද කොමිෂන් සභාව මීට පෙර දැනුම් දී ඇත.
කෙසේ වෙතත් රජය ද මේ මොහොතේ විදුලි ගාස්තු ඉහළ දැමීමට කැමැත්තක් නොදක්වන නමුත්, පළමු කාර්තුවේදී මිල සංශෝධනයක් සිදු නොවුවහොත් මීළඟ කාර්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීමට ඉහළ අනුපාතයකින් ගාස්තු වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයට දැඩි පීඩනයක් එල්ල වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.
2026 ජනවාරි 22, පෙ.ව. 12:16
2026 ජනවාරි 22, පෙ.ව. 12:16
2026 ජනවාරි 22, පෙ.ව. 12:16
2026 ජනවාරි 22, පෙ.ව. 12:14
2026 ජනවාරි 22, පෙ.ව. 12:09
02-01-26
02-01-26
15-12-25
15-12-25
07-12-25
07-12-25
14-10-25
14-10-25
05-10-25
05-10-25
21-09-25
21-09-25
20-09-25
20-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25
13-06-25
13-06-25
10-06-25
10-06-25
05-06-25
05-06-25